කෘෂිකර්ම, ඉඩම්, වාරිමාර්ග, සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය, ධීවර හා ගොවිජන සංවර්ධන පිළිබඳ අමාත්‍යංශය-බස්නාහිර පළාත අයත් මීගමුව , පිටිපන ජලජීවී වගා සංවර්ධන මධ්‍යස්ථානය සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ නාගරික හා ජලජ සම්පත් පීඨයේ ජෛව සම්පත් දෙපාර්තමේන්තුව අතර අවබෝධතා ගිවිසුමක් 2023 අගෝස්තු 18 වැනි දින ආණ්ඩුකාර කාර්යාලය,බස්නාහිර පළාත් සභාව, බත්තරමුල්ල සිදු කරන ලදී. |
ගරු ආණ්ඩුකාර එයාර් මාර්ෂල් රොෂාන් ගුණතිලක මහතා, බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් ප්‍රදීප් යසරත්න මහතා, කෘෂිකර්ම අමාත්‍යාංශය (බ.ප) ලේකම් චන්දන රණවීර ආරච්චි මහතා, සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව(බ.ප) අධ්‍යක්ෂ ආචාර්ය කේ.කේ. සරත් මහතා,ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජලජ ජීව සම්පත් අධ්‍යයනාංශයේ ප්‍රධානී එරන්දි පතිරණ මහත්මිය යන නිලධාරීන් මෙම අවස්ථාව සඳහා සහභාගී විය.මෙම අවබෝධතා ගිවිසුම වසර දහයක කාලයක් සඳහා බලපැවැත්වේ.එමඟින් විශ්ව විද්‍යාල සිසුන්ට ප්‍රායෝගික ජලජීවී වගා පුහුණුවසඳහා අවස්ථාව ලබා දීම, මධ්‍යස්ථානයේ වගා කරන ජලජ සතුන්ගේ සෞඛ්‍ය සහ පෝෂණ කළමනාකරණය, මූලික හා ව්‍යවහාරික පර්යේෂණ, පර්යේෂණ ප්‍රතිඵල වාණිජකරණය සහ දැනුම ව්‍යාප්ත කිරීම යන ක්ෂේත්‍රවල තිරසාර සංවර්ධනය සහතික කිරීම සඳහා ඇති විශේෂිත ක්‍රියාකාරකම් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම හා තිරසාර ජලජීවී වගා නිෂ්පාදනය ඉහළ නැංවීම බලාපොරොත්තු වේ.
ප්‍රතිචාරයක් ලබාදෙන්න