කෘෂිකර්ම, ඉඩම්, වාරිමාර්ග, ධීවර, සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය සහ ගොවිජන සංවර්ධන පිළිබඳ අමාත්‍යාංශය

කෘෂිකර්ම හා ගොවිජන සංවර්ධන, ඉඩම්, වාරිමාර්ග, ධීවර, සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය යන විෂය ක්ෂේත‍්‍රයන් යටතේ බස්නාහිර පළාතේ සෑම ජන කොටසකගේම සමාජ, ආර්ථික ප‍්‍රවර්ධනයට අදාළව ප‍්‍රතිපත්ති සම්පාදනය හා ක‍්‍රියාත්මක කිරීම, අදාල ප‍්‍රධාන හා අනුශාංගික ක‍්‍රියාකාරකම් රජයේ ජාතික ප‍්‍රතිපත්තියට සමගාමීව පවත්නා භෞතික, මූල්‍ය හා මානව සම්පත් මනාව මෙහෙයවමින් කළමනාකරණය කිරීම.

දැක්ම

ජනතාවාදී විශිෂ්ටතම සේවා සපයන්නා වීම

මෙහෙවර

ජාතික හා පළාත් ප්‍රතිපත්ති සහ සැලසුම්වලට අනුකූලව ආයතනික සේවාවන් විශිෂ්ට ලෙස ළඟා කර දීම

අගයන්

  • සේවාලාභීන්ට විශිෂ්ටතම සේවාවක් සැපයීම
  • විශිෂ්ට වෘත්තීමය රාජ්‍ය නිලධාරීන් පිරිසික්
  • එකමුතු කණ්ඩායමක් ශක්තිමත් බැදීමක්
  • විනිවිදභාවයෙන් අවංකත්වයෙන් හා කැපවීමකින් යුත් සේවාවක්
  • ආදර්ශමත් පළාත් අමාත්‍යාංශයක් බිහි කිරීම
  • නව තාක්ෂණ ක්‍රමවේද භාවිතයෙන් පියවර ගණනාවක් ඉදිරියෙන්
  • නිර්මාණශීලිත්වයට ප්‍රමුඛතාවයක්

අමාත්‍යාංශයේ අරමුණු

  • කෘෂිකර්ම, ගොවිජන සංවර්ධන, සුළු වාරිමාර්ග, සත්ව නිෂ්පාදන,ධිවර හා ඉඩම් විෂයන්ට අදාළ ක්‍රියාකාරම් බස්නාහිර පළාත තුළ වඩාත් ඵලදායිව ක්‍රියාත්මක කිරීම සඳහා ඉවහල් වන ප්‍රතිපත්ති සම්පාදනය හා ක්‍රියාත්මක කිරීම හා අමාත්‍යාංශයේ විෂයන්ට අදාළ වන්නා වූ ප්‍රඥප්ති පිළියෙල කිරීම.
  • අමාත්‍යාංශ යටතේ ගැනෙන විෂයයන් ප්‍රවර්ධනය කිරිම සඳහා පළාත තුල පවත්නා ගැටළු හා බාධක හඳුනාගෙන ඒ සඳහා වන විසඳුම් හා උපාය මාර්ග ඇතුළත් සැලසුම් සම්පාදනය කිරීම.
  • කෘෂිකර්ම සත්ව නිෂ්පාදන හා ධීවර ක්ෂේත්‍රයේ නියුතු ප්‍රජාවගේ නිෂ්පාදන ඵලදායිතාව ඉහළ නැංවීම සඳහා අවශ්‍යා පහසුකම් සපයා දීම.
  • අමාත්‍යාංශයේ විෂය පථයන් යටතේ සැපයෙන සේවා තුලින් ජනතාවගේ ජීවන තත්වය ඉහළ නැංවිම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කිරිම.
  • පළාතේ සුළු වාරි පද්ධතිය ප්‍රතිසංස්කරණ කිරීම, නඩත්තු කිරිම සහ වැඩිදියුණු කිරිම තුලින් ප්‍රශස්ත වාරි පද්ධතියක් පවත්වාගෙන යාමට අවශ්‍ය සේවාවන් සැපයීම.
  • පළාත තුළ පවත්නා රජයේ ඉඩම් කළමනාකරණය කිරිම සඳහා අවශ්‍ය පහසුකම් සැපයීම හා මඟ පෙන්වීම.
  • දේශීය හා විදේශීය මෙන්ම රාජ්‍ය හා පෞද්ගලික අංශ වල ද උපරිම දායකත්වය ලබා ගනිමින් අමාත්‍යාංශයීය විෂය පථය යටතේ ගැනෙන ක්‍රියාකාරකම් කාර්යක්ෂමව ප්‍රවර්ධනය කිරීම.
  • නවීන තාක්ෂණය හා ශිල්පීය ක්‍රම උපයෝගී කරගනිමින් කෘෂිකර්ම සත්ව නිෂ්පාදන හා ධීවර කටයුතුවලට අදාළව පළාතේ නිෂ්පාදන ධාරිතාව වැඩිදියුණු කිරිමට උපරිම දායකත්වය ලබාදීම සඳහා ආයතන මෙහෙයවීම.
  • පවත්නා සම්පත් මනා ලෙස උපයෝජනය තුලින් ආදර්ශමත් ආයතනික කළමනාකරණයක් හා සම්බන්ධීකරණයක් පවත්වාගෙන යාම තුළින් ඵලදායිතාවය ඉහළ නැංවීම.

අමාත්‍යාංශ විෂය යටතේ පැවරී ඇති කාර්යය පළාත් සභා ක්‍රමය ඇති කිරීම තුළින් අපේක්ෂා කරන ජනතා මෙහෙය කෘෂිකර්ම ක්ෂේත්‍රය තුළ වඩා ඵලදායී කිරීමට “ජනතාවාදී විශිෂ්ටතම සේවා සපයන්නා” වෙමින් ව්‍යාප්ති සේවා හා සහාය සේවා සැපයීමට තොරතුරු තාක්ෂණ සන්නිවේදන ක්ෂේත්‍රයේ ඇති වී ඇති දියුණුව වඩාත් ඵලදායී ලෙස ප්‍රයෝජනයට ගෙන සේවාලාභීන් වෙත කඩිනම් සේවාවක් ඵලදායී ලෙස සපයාදීම සඳහා වෙබ් අඩවිය ඉවහල්වනු ඇතැයි අපේක්ෂා කරමි.සමාජ තුල්‍යතාව පවත්වා ගැනීම තුළින් ජනතාවට අමාත්‍යාංශයේ තොරතුරු ත්‍රෛ භාෂාවෙන් ලඟාකරදීමට හැකි වනු ඇතැයි විශ්වාස කරමි.

අමාත්‍යාංශ ලේකම්ගේ පණිවිඩය

නයනානන්ද නිල්වල මහතා

බස්නාහිර පළාත තුළ නාගරීකරණය හා කාර්මීකරණය හේතුවෙන් කෘෂිකර්මාන්තය අභියෝගයකට ලක් වූ වකවානුවක පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශය වශයෙන් ඊට අයත් අනෙකුත් දෙපාර්තමේන්තු හා ආයතන සමගින් ජාතික හා පළාත් ප්‍රතිපත්ති හා සැලසුම්වලට අනුගත වෙමින් වඩාත් පුළුල් වූ කඩිනම් සේවාවක්, සේවාලාභීන් වෙත සැපයීමේ උදාර පරමාර්ථය සාක්ෂාත් කර ගැනීම සඳහා අනුගමනය කරන නව තාක්ෂණ ක්‍රමවේද අතරට ඍජු සන්නිවේදනය අරමුණු කරගත් අමාත්‍යාංශ වෙබ් අඩවිය ද දායකත්වයක් සපයනු ඇත.

ගරු අමාත්‍යතුමාගේ පණිවිඩය