සංචාරක බංගලා වෙන් කිරීම – දිස්ත්‍රික් කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථානය හෝමාගම
සංචාරක බංගලා වෙන් කිරීම – දිස්ත්‍රික් කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථානය හෝමාගම

පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යටතේ පවතින හෝමාගම දිස්ත්‍රික් කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථානයේ අභිනවයෙන් ඉදි කරන ලද සංචාරක බංගලාවේ පහසුකම් අත්විදින්න ඔබට අනගි අවස්ථාවක් සලසා ඇත

ඒ අනුව,

  • බන්නාහිර පළාත් රාජ්‍ය සේවකයින් සඳහා
  • රාජ්‍ය සේවකයින් සඳහා
  • රාජ්‍ය ආයතන
  • පෞද්ගලික ආයතන හෝ පුද්ගයින් සඳහා වෙන්කර ගැනීමේ පහසුකම්


වෙන්කරවා ගැනීම

දිස්ත්‍රික් කෘෂිකාර්මික පුහුණු මධ්‍යස්ථානය (අබේපුස්ස)

ආයතනය තුළම මෙම සංචාරක බංගලා පිහිටීම හේතුවෙන් අවට පරිසරයේ සිරි නරඹා කෘෂිකාර්මික දැනුමක් ලබා ගැනීමට ද සංචාරකයින්ට අවස්ථාව ලැබේ. ආසන්නයේ පිහිටි මධ්‍යම රජයට අයත් අක්කර 200 කින් පමණ සමන්විත බීජ ගොවිපල නැරඹිය හැක.විශේෂයෙන් මෙහි සිට මා ඔයෙහි සිරි නැරඹීමට,  මා ඔයෙහි දිය නෑමට අවස්ථාව සලසා ගත හැක.කිලෝමීටර් 2 ක් දුරින් පිහිටි ලංකාවේ දිගම සැතපෙන පිළිමය , තලගම රජ මහා විහාරය ( ශාන්ති චෛත්‍ය යේ හැඩය ගත් විශේෂිත චෛත්‍යය )  , ගිරිඋල්ල මැද්දේපොල විහාරය  ආදී සිද්ධස්ථානද හෙක්ටාර් 1200 ක් පමණ වන බත්ගංගොඩ කැළය ද නැරඹීමට අවස්ථාව සලසා ගත හැක.


වෙන්කරවා ගැනීම

බෝඹුවල සේවා සංස්කරණ අභ්‍යාස ආයතනයේ සංචාරක නිවාසය

කාමර 09 කින් සමන්විත මෙම සංචාරක නිවාසයේ සියළුම කාමර සඳහා නාන කාමර සහිත අතර,  එක් මුළුතැන් ගෙයක් ඇත .නේවාසිකාගාර භාරකරුට දැනුම් දීමෙන් ද ආහාර සකසා ගැනීමේ හැකියාව ඇත.

සේවා සංස්කරණ ආයතනය තුළම මෙම සංචාරක බංගලාව පිහිටීම හේතුවෙන් අවට පරිසරයේ සිරි නරඹා කෘෂිකාර්මික දැනුමක් ලබා ගැනීමට අමතරව අලෙවි මධ්‍යස්ථානයෙන් අවශ්‍ය කෘෂි නිෂ්පාදන මිලට ගැනීමේ අවස්ථාවද සංචාරකයින් හට හිමි වනු ඇත. විශේෂයෙන් මෙහි සිට ඉතා ආසන්නව පිහිටි කළුතර බෝධිය , කන්දේ විහාරය ,වරකාගොඩ ගල්ලෙන් විහාරය , පාහියංගල යනාදී පූජනීය ස්ථානද බාවා උයන , රිච්මන්ඩ් මැදුරද දැක බලා ගැනීමට අවස්ථාව උදා කර ගත හැක.


වෙන්කරවා ගැනීම

ජලජීවී වගා සංවර්ධන මධ්‍යස්ථානය (පිටිපන, මීගමුව)

සුන්දර මීගමුව කලපුව අසල අක්කර 15 ක භූමි භාගයක පිහිටි පිටිපාන ජලජීවී වගා මධ්‍යස්ථානයේ බංගලාව පිහිටා ඇත.  කඩොලාන දූපත් වලින් සමන්විත මීගමුව කලපුවේ සහ මීගමුව වෙරළේ සුන්දරත්වය නරඹන්නන්ට නැරඹිය හැකිය. සංචාරකයින්ට සාම්ප්‍රදායික ධීවර කටයුතු හා විසිතුරු මසුන් ගවේෂණය කළ හැකිය.


වෙන්කරවා ගැනීම