2025

ප්‍රසම්පාදන දැන්විමයි

බස්නාහිර පළාත් කෘෂිකර්ම,ඉඩම්,වාරිමාර්ග,ධීවර,සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය සහ
ගොවිජන සංවර්ධන අමාත්‍යාංශය -බස්නාහිර පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව

බස්නාහිර පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ, දෙපාර්තමේන්තු ප්‍රසම්පාදන කමිටුවේ සභාපති විසින් 2025 වර්ෂය සඳහා පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ඉදිකිරිම්  ඉටු කිරිම සඳහා ඉදිකිරිම් කර්මාන්ත සංවර්ධන අධිකාරියේ (CIDA) වාරිමාර්ග ඉදිකිරිම් සඳහා ලියාපදිංචිය සහිත කොන්ත්‍රාත්කරුවන්ගෙන් ජාතික තරඟකාරි ලංසු කැඳවිම මගින් කොන්ත්‍රාත්කරුවන් තෝරා ගැනීමට 2025 මාර්තු මස 06  දින පෙ.ව.9.00   සිට  2025 මාර්තු මස 19 දින ප.ව.2.00  දක්වා  ලංසුපත් කැඳවනු ලැබේ. අදාළ ඉදිකිරිම් ලැයිස්තුව මේ සමඟ පහත දක්වා ඇත.

 

මිලියන 5ට වැඩි ඉදිකිරිම් සඳහා 1987 අංක 03 දරණ පොදු කොන්ත්‍රාත් ගිවිසුම් පනත යටතේ ලියාපදිංචි විය යුතු අතර,ලංසු සමඟ එම ලියාපදිංචි සහතිකය හෝ එය තහවුරු කල හැකි ලේඛන ඉදිරිපත් කල යුතුය. එම ලියාපදිංචි සහතිකය හෝ එය තහවුරු කල හැති ලේඛන ඉදිරිපත් කර නොමැති වීම ලංසු ප්‍රතික්ෂේප කිරිමට හේතු වේ.

 

ලංසු ආකෘතිපත්‍ර ලබා ගැනීම සඳහා උනන්දුවක් දක්වන්නන්හට පහතින් දක්වා ඇති වගුවේ සඳහන් ආපසු නොගෙවන ලංසු පෝරම ගාස්තුව පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ පහත ලිපිනයෙහි පිහිටි දෙපාර්තමෙන්තුවේ ප්‍රධාන කාර්යාලය වෙත ගෙවිමෙන් ලබා ගත හැකිය.

 

ලංසු කැඳවිම සම්බන්ධ පුර්ව ලංසු රැස්වික් (Pre Bid Meeting)  2025 මාර්තු මස 11 දින පෙ.ව.10.00 ට පහත ලිපිනයෙහි පිහිටි  බස්නාහිර පළාත් වාරිමාර්ග අධ්‍යක්ෂ කාර්යාලයේ දී පැවැත්වෙන අතර එහිදි අපේක්ෂිත ලංසුකරුවන්ට අදාළ ඉදිකිරිම් පිළීබඳ පැහැදිලි කිරිම් ලබා ගත හැකිය.

 

ලංසුපත් නිකුත් කිරිම්                                        –           2025  මාර්තු මස 06 දින  සිට 2025 මාර්තු මස 18 දින ප.ව.3.00 දක්වා          

ලංසුපත්භාර ගන්නා අවසන් දිනය හා වේලාව   –           2025 මාර්තු මස 19 දින ප.ව.2.00

ලංසු විවෘත කිරිම                                              –           2025 මාර්තු මස 19 දින ප.ව. 2.00

 

මේ සඳහා උනන්දුවක් දක්වන ලංසුකරුවන්ට ඊට අදාළ කොන්දේසි හා උපදෙස් පහත දුරකතන අංක වලට ඇමතීමෙන් හෝ දිස්ත්‍රික් වාරිමාර්ග ඉංජිනේරු කොළඹ (011-2607256) ,ගම්පහ (033-2228421) සහ කළුතර (034-2221292) ඇමතිමෙන් ලබා ගැනීමට හැකිය.බස්නාහිර පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියේ www.agrimin.wp.gov.lk අදාළ ඉදිකිරිම් හා වැඩිදුර උපදෙස් ඇතුළත් ප්‍රසම්පාදන දැන්විම් පළ කර ඇති බව කාරුණිකව දන්වමි.

 

දුරකතන අංකය – 0112632848

ලිපිනය              – පළාත් වාරිමාර්ග අධ්‍යක්ෂ කාර්යාලය (බ.ප.) ,25, මාලිගාව පාර ,රත්මලාන.

[table id=9 /]